Trending Newsඑසැන පුවත්දේශීය

“උරුමය” ඉඩම් ලැබෙන අය, කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සමඟ එක් වියයුතුයි – ජනාධිපති

(UTV | කොළඹ) –

“උරුමය” ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබාගන්නා සියලුදෙනා කෘෂිකර්ම නවීකරණ වැඩසටහන සමඟ එක් වියයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මොණරාගල දිස්ත්‍රික්කයේ පැවති “උරුමය” ජාතික වැඩසටහනේ අදියරක් සමග ඊයේ (30) සහභාගීවෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

සින්නක්කර ඉඩම් ඔප්පු ලක්ෂ 20ක් ලබාදීමේ “උරුමය” ජාතික වැඩසටහන යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11ක සුදුසුකම්ලාභීන් 41,960ක් අතුරින් පුද්ගලයන් 600ක් වෙනුවෙන් සංකේතාත්මකව ඔප්පු ප්‍රදානය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් වැල්ලවාය මහින්ද රාජපක්ෂ සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ පැවැත්වුණි.

“මේ ඉඩම් දෙන්නේ නිකන් නෙමෙයි. සල්ලි ඉල්ලන්නේ නෑ. මේ හැම එක්කෙනාම අපේ කෘෂිකර්ම නවීකරණ වැඩසටහනට එකඟවෙන්න ඕනේ. ගොවිතැන් කරන අය. එතනට එන්න. අපි ආධාර උපකාර දෙන්නම් ආපහු මේ ප්‍රදේශය දියුණු කරන්න. අපනයන ආර්ථිකයකට යන්න. මොකද්ද අමාරුව. ළඟ තියෙනවා වරායක්. ළඟ තියෙනවා ගුවන් තොටුපොළක්. ඊළඟ අවුරුදු 30 – 40 දී ලෝකයේ ආහාර සැපයීම විශාල ගැටලුවක්. අපි ආහාර සපයන්න ඕනේ. ඒකෙන් මුදල් උපයාගත යුතු යැයි ද ජනාධිපතිවරයා කීවේය.

Related posts

Constitutional Experts ‘baffled’ by President’s 19A comments

Mohamed Dilsad

20 වන ව්‍යවස්ථා සංශෝධන දෙවන වර කියවීමේ ඡන්ද විමසීම වැඩි ඡන්ද 91කින් සම්මතයි.

Mohamed Dilsad

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය සාමාන්‍ය තත්ත්වයට

Mohamed Dilsad

Leave a Comment