Trending Newsඑසැන පුවත්දේශීය

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්දන් අභාවප්‍රාප්ත වෙයි.

(UTV | කොළඹ) –

හිටපු විපක්ෂ නායකවරයෙකු මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) රාත්‍රීයේ ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

1933 පෙබරවාරි මස 05 වන දින උපත ලද ආර්. සම්පන්දන් මහතා මිය යන විට 91 හැවිරිදි වියේ පසු වුණි. ආර්.සම්පන්දන් මහතා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 1977 වසරේ දී පාර්ලිමේන්තුවට තේරී පත්වුණි. එමෙන්ම ඔහු 2015 වසරේ සැප්තැම්බර් 03 වන දින සිට 2018 දෙසැම්බර් 18 වන දින දක්වා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කරනු ලැබීය. මේ අතර ආර්. සම්පන්දන් මහතාගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේ දී දැනුම්දීමට නියමිතව තිබේ.

Related posts

ලංවිම විදුලි වර්ජනය තාවකාලිකව නවතී

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරයට වසරක් සපිරීම නිමිත්තෙන් 8.45 ට විනාඩි දෙකක නිෂ්ශබ්දතාවක්

Mohamed Dilsad

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සේවා යළි ඇරඹීමට පියවර [RELEASE]

Mohamed Dilsad

Leave a Comment