Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්ධන මිල පහළට.

(UTV | කොළඹ) –

ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 11කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 344ක් වේ. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් ද රුපියල් 41කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 379ක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේය.

මීට අමතරව ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 22කින් පහත දමා තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 355ක් වේ. කෙසේවෙතත් ඔටෝ ඩීසල් සහ භූමිතෙල් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුනොකළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේය. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 317කටත් ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 202කටත් අලෙවි වනු ඇත.

Related posts

Indian tribunal confirms 5-year ban on LTTE

Mohamed Dilsad

தேசிய கனிஷ்ட மெய்வாண்மை விளையாட்டு விழாவில் அனிட்டா ஜெயதீஸ்வரன் சாதனை

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

Leave a Comment