Trending Newsඑසැන පුවත්දේශීය

දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්දන් අභාවප්‍රාප්ත වෙයි.

(UTV | කොළඹ) –

හිටපු විපක්ෂ නායකවරයෙකු මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්පන්දන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (30) රාත්‍රීයේ ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

1933 පෙබරවාරි මස 05 වන දින උපත ලද ආර්. සම්පන්දන් මහතා මිය යන විට 91 හැවිරිදි වියේ පසු වුණි. ආර්.සම්පන්දන් මහතා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 1977 වසරේ දී පාර්ලිමේන්තුවට තේරී පත්වුණි. එමෙන්ම ඔහු 2015 වසරේ සැප්තැම්බර් 03 වන දින සිට 2018 දෙසැම්බර් 18 වන දින දක්වා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙස ද කටයුතු කරනු ලැබීය. මේ අතර ආර්. සම්පන්දන් මහතාගේ අවමංගල්‍ය කටයුතු පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේ දී දැනුම්දීමට නියමිතව තිබේ.

Related posts

ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීමට විපක්ෂයේ සාකච්ඡාවක්

Editor O

சகல பாதாள உலகக் கும்பல்களும் ஒடுக்கப்படு;ம் – பொலிஸ்மா அதிபர்

Mohamed Dilsad

බස්රථයක් ප්‍රපාතයකට පෙරළී ළමුන් 24 ක් රෝහලේ [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment