Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්ධන මිල පහළට.

(UTV | කොළඹ) –

ඉන්ධන මිල ගණන් සංශෝධනය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 11කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 344ක් වේ. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් ද රුපියල් 41කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 379ක් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේය.

මීට අමතරව ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 22කින් පහත දමා තිබේ. ඒ අනුව එහි නව මිල රුපියල් 355ක් වේ. කෙසේවෙතත් ඔටෝ ඩීසල් සහ භූමිතෙල් මිලෙහි කිසිදු සංශෝධනයක් සිදුනොකළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවේය. ඒ අනුව ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 317කටත් ලංකා භූමිතෙල් ලීටරයක් රුපියල් 202කටත් අලෙවි වනු ඇත.

Related posts

මාතලේ පුරපතිගේ තනතුර තාවකාලිකව අත්හිටුවයි

Mohamed Dilsad

බාලවයස්කාර දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ චෝදනා මත තවත් සැකකරුවන් 4 අත්අඩංගුවට

Mohamed Dilsad

සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හමුවීමට, නීතීඥ උදය ගම්මන්පිළට අවසර

Editor O

Leave a Comment