Trending Newsඑසැන පුවත්ගල්ෆ්විදෙස්

දකුණු ගාසා තීරයට රැගෙන යන ආධාර අතරමගදී කොල්ලකයි

(UTV | කොළඹ) –

දකුණු ගාසා තීරයට අත්‍යවශ්‍ය ආධාර රැගෙන යාම සහ බෙදාදීම අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති බව එහි මානුෂීය කටයුතු සම්බන්ධීකරණ සිදුකරන එක්සත් ජාතීන්ගේ කාර්යාලය සඳහන් කරයි. ආහාර ද්‍රව්‍ය කොල්ලකෑමේ සිදුවීම් සිදුවී ඇති බවද එම සංවිධානයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය. පසුගිය අඟහරුවාදා (18) ද ඇතුළු වන ලොරි රථවල තිබූ භාණ්ඩවලින් හතරෙන් තුනක් සොරකම් කර ඇති බවට එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ආයුධ සන්නද්ධ කල්ලි විසින් ආධාර රැගෙන යන වාහනවලට පහර දී කොල්ලකෑම් කරන බවත්, අනතුරුව ආධාර ගාසා තීරයේ වෙ‌ළෙඳපොළේ අධික මිලට අලෙවි කරන බව ද ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කරයි. ගාසා තීරයට ඉන්ධන රැගෙන ආ ලොරි රථ ඉලක්ක කර ද ප්‍රහාරයක් එල්ල කර තිබිණ.

Related posts

තැපැල් වැඩ වර්ජනය අදත්

Mohamed Dilsad

ரயில்வே ஊழியர்கள் இன்று நள்ளிரவு முதல் வேலை நிறுத்தத்தில்

Mohamed Dilsad

“I hope media will act responsibly to protect the new found freedom” – John Amaratunga

Mohamed Dilsad

Leave a Comment