Trending News

තැපැල් වැඩ වර්ජනය අදත්

(උදයම්,කොළඹ)   –  තැපැල් වෘත්තීය සමිති ආරම්භ කළ වැඩවර්ජනය අද(14) දෙවන දිනටත් ක්‍රියාත්මකය.
පසුගිය 12 වනදා මධ්‍ය රාත්‍රියේ සිට මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක වේ.
ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ  කැඳවුම්කරු එච්.කේ කාරියවසම් මහතා සඳහන් කළේ තම ඉල්ලීම් සඳහා මෙතෙක් නිසි පිළිතුරක් අදාළ බලධාරීන්ගෙන් ලැබී නොමැති බවය.
තැපැල් සේවකයන්ගේ පැය 48ක වැඩවර්ජනය හේතුවෙන් මේ වන විට තැපෑලේ ලිපි ලක්ෂ ගණනක් ගොඩගැසී ඇති බවද ඔහු කියා සිටියේය.
තම වෘත්තීය ගැටළුවලට විසදුම් ලබාදීමට බලධාරීන් කටටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී අඛන්ඩ වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු එච්.කේ කාරියවසම් මහතා සඳහන් කරයි.

Related posts

கலாமின் இல்லத்திலிருந்து பயணத்தை தொடங்கிய கமல்

Mohamed Dilsad

கொட்டகலை த.ம.வி மாணவிகள் இருவர் 9 எ பெற்று சிறப்பு சித்தி பெற்றுள்ளனர்

Mohamed Dilsad

President commenced state visit to Cambodia

Mohamed Dilsad

Leave a Comment