Trending Newsඑසැන පුවත්විදෙස්ව්‍යාපාරික

පාකිස්තාන ගුවන් සේවයට යුරෝපා ගුවන් තහනම තවදුරටත්

(UTV | කොළඹ) –

පාකිස්තාන ගුවන් සේවයේ නියමු බලපත්‍ර වැඩි ප්‍රමාණයක් ව්‍යාජ ලෙස සකස් කර ඇතැයි තොරතුරු අනාවරණය වීම හේතුවෙන් මීට වසර 4කට පෙර පනවනු ලැබූ යුරෝපයේ ගුවන් තහනම තවදුරටත් දීර්ඝ කිරීමට යුරෝපා හවුල තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. පසුගියදා පැවැති යුරෝපා හවුලේ ගුවන් ආරක්ෂණ කමිටු රැස්වීමකදී එම තීරණය ගෙන ඇතැයි විදේස් මාධ්‍යවල දැක්වේ.

පසුගිය 2020 මැයි 22 වැනිදා ලාහෝර් නුවර සිට කරච්චි දක්වා පියාසර කරමින් තිබූ පාකිස්තාන ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කරච්චි ගුවන්තොටුපොළ ආසන්නයේදී කඩා වැටීමෙන් 99 දෙනකුගෙන් සමන්විත ගුවන් යානයෙන් 97 දෙනකුම ජීවිතක්ෂයට පත්වූ අතර, එම අනතුරට හේතුව ව්‍යාජ බලපත්‍ර හිමි ගුවන් නියමුවන්ගේ අත්වැරදීමක් බව විමර්ශනවලදී අනාවර්ධණය විය.

එකී අනතුරට හේතුව අනාවරණය වීමත් සමඟ පාකිස්තාන ගුවන් සේවයට යුරෝපයේ ගුවන් සීමාව මාස 6ක කාලයකට තහනම් කිරීමට යුරෝපා හවුල පියවර ගත්තේය. පසුව එම තහනම මේ දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වෙමින් තිබේ. අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ද පාකිස්තාන ගුවන් සේවයට එම තහනම පනවා තිබෙන බව සඳහන්.

Related posts

හිටපු ඇමති මනූෂගේ ඇප ඉල්ලීම ට අධිකරණය දුන් නියෝගය

Editor O

ඉන්දුනීසියාවේ දරුණු ගං වතුර තත්ත්වයක් – 50 ක් මරුට

Mohamed Dilsad

ஜிம்பாப்வேயில் தொடரும் அரசியல் குழப்பம்

Mohamed Dilsad

Leave a Comment