විදෙස්

පිලිපීනයට භූ කම්පනයකින් බලපෑම්

(උදයම්,පිලිපීනය)  – පිලිපීනයේ අද ප්‍රබල භූ කම්පනයක් සිදු විය

පිලිපීන වේලාවෙන් අද උදෑසන 9ට පමණ සේබු නගරයට දකුණින් බොහොල් මුහුදු පත්ලේ එම භූ කම්පනය හටගෙන තිබේ.

එය රික්ටර් පරිමාණයේ 6ක ප්‍රබලතාවකින් යුක්ත වන බව චීන භූ විද්‍යා ජාල මධ්‍යස්ථානය සඳහන් කර ඇත.
නමුත් ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය කියා සිටියේ එය රික්ටර් පරිමාණයේ 5.9ක භූ කම්පනයක් බවය.

මෙම භූ කම්පනයෙන් සිදුවූ ජීවිත හෝ දේපළ හානි පිළිබදව මෙතෙක් වාර්තා වී නොමැත.

Related posts

දුම්රිය පීලි පැන ඉන්දියාවේ 25 දෙනෙකු මරුට

Mohamed Dilsad

කොරෝනාවෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

Mohamed Dilsad

ඇමෙරිකාවේ ප්‍රාන්ත 50 ක් හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට

Mohamed Dilsad

Leave a Comment