ක්‍රීඩා

ආබාධ නිවාරණය පිලිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් වැඩමුළුවක්

(උදයම්,කොළඹ)  –  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (19) රෝග නිවාරණය, ආබාධ හා කළමනාකරණය පිළිබඳව ගන්නා පියවර පිළිබඳව දැනුවත් කිරීම හා පුහුණු කිරීම පිළිබඳ වැඩමුළුවක් දියත් කරන ලදි. ඒ සඳහා ඕස්ට්‍රේලියානු හිටපු ඔලිම්පික් පිහිනුම් ක්‍රීඩක වෛද්‍ය නිකලස් ස්ප්‍රින්ගර් මහතා දායක විය.

 වෛද්‍ය ස්ප්‍රින්ගර් මහතා ගතානුගතිකව ඇතිවෙන රෝග හා ආබාධ නිර්ණය කිරීම සහ නිවාරණය වෙනුවෙන් ප්‍රකට වෛද්‍යවරයෙකි. එසේම ඔහු පාදයේ ශල්‍යකර්ම හා පාදය ආශ්‍රිත සම්බාහන ආදියට ද දක්ෂ අයෙක් ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති අතර ඔහුගේ ක්‍රීඩා දක්ෂතා ද ඉහළ මට්ටමක පවතී.ඕස්ට්‍රේලියාවේ ක්වින්ස්ලන්ඩ් මලල ක්‍රීඩා සංගමය සමඟ අනුබද්ධිතව රාජකාරියේ නිරත වන ඔහු ඊට අමතරව ක්වින්ස්ලන්ඩ් රග්බි පාපන්දු තරගාවලියේ විනිසුරුවරයෙක් හා බ්‍රිස්බේන් ලයන්ස් කණ්ඩායම සමඟින් ද එක්වී ක්‍රියා කරයි.

ක්‍රිකට් ක්‍රීඩකයින් බොහෝ වේලාවට වළලුකර, පාදය හෝ යටි පතුලේ ආබාධ වලට හා වේදනාකාරී තත්ත්ව වලට නිරන්තරයෙන් මුහුණ දීම සුලබ තත්වයකි.

එම තත්වය සම්බන්ධයෙන් මෙවැනි ක්‍රියාමාර්ගයක් ගැනීම ඉතාමත් සතුටට කරුණක්. වැඩමුළුවේ දී එක් ක්‍රීඩකයෙක් මිනිත්තු 30ක් පමණ පරීක්ෂාවට හා සම්බාහනයට ලක්කරන ලද අතර නවීන තාක්ෂණය යොදා ගෙන තවත් පරීක්ෂණ කිහිපයක්ම හා එහි ප්‍රයෝජන පිළිබඳව දැනුමක් ද ලබා දෙන ලදි.

Related posts

තරඟ පාවාදෙන්නන්ට නව පනතින් දැඩි දඬුවම්

Mohamed Dilsad

දසුන් ශානක දෙවැනි ගමන ගිය හැටි

Mohamed Dilsad

කුමාර් සංගක්කාරට විශේෂ විමර්ශන ඒකකයෙන් කැඳවීමක්

Mohamed Dilsad

Leave a Comment