විදෙස්

චීනය සිංගප්පූරුවට සහ ඉන්දියාවට අනතුරු අඟවයි

(උදයම්,චීනය ) – සිංගප්පූරුව සහ ඉන්දියාව දකුණු චීන මුහුදේ ආරම්භ කර ඇති ඒකාබද්ධ නාවික අභ්‍යාසයෙන් අනෙකුත් රටවලට බලපෑමක් සිදුනොවිය යුතු බව චීනය පවසයි.

දකුණු චීන මුහුදේ පිහිටි දිවයින් පෙළක අයිතිය සම්බන්ධයෙන් චීනය සහ අග්නිදිග ආසියාතික රටවල් රැසක් මතභේදයක පැටලී සිටින අවස්ථාවක සිංගප්පූරුව ඉන්දියාව සමඟ මෙම සත් දින නාවික අභ්‍යාසය ආරම්භ කර ඇත.

කෙසේ වෙතත් චීන විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ එවැනි සහයෝගීතාවක් කලාපයේ සාමය සහ ආරක්ෂාව සඳහා ඉවහල් වන්නේ නම් තමන් ඊට එරෙහි නොවන බවය.

එමගින් වෙනත් රටවල අභිලාශයන්ට හානියක් සිදුනොවිය යුතු බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

Related posts

චීන ප්‍රබලයෙක් ලංකාවේ සංචාරයක

Mohamed Dilsad

කොරෝනා වසන්ගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට

Mohamed Dilsad

ඇමරිකාවේ ළමුන්ටත් කොවිඩ් එන්නතට අවසර හිමිවෙයි

Mohamed Dilsad

Leave a Comment