ප්‍රමුඛ පුවත 1

පස්වරුවෙත් තද සුළං සමඟ වැසි

(උදයම්,කොළඹ)  –  දිවයින හරහා (විශේෂයෙන්  මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම ප්‍රදේශ වල) විටින් විට හමන පැ.කි.මී.50 දක්වා වන තරමක් තද සුළං  සහ දිවයින වටා  වන මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන (පැ.කි.මී.60-70 දක්වා) තද සුළං අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 වැසි ඇතිවන අවස්ථා වලදී මෙම සුළං වේගය තවදුරටත් ඉහළ යා හැක.

බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යමසහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. ඇතැම් ස්ථාන වල (මි.මි. 50 ට වැඩි) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.

ඌව පළාතේ සහ මඩකලපුව දිස්ත්‍රීක්කයේ සවස 2.00න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද අද (20) නිකුත් කළ කාලගුණ අනාවැකියේ සඳහන් වෙයි.

Related posts

ඇමති මංගල අද ජිනීවා සමුළුව අමතයි

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කීපයකට පැය 18ක ජල කප්පාදුවක්…

Mohamed Dilsad

බස් ගාස්තු ගැන තීරණය ඉදිරි සතියේදී

Mohamed Dilsad

Leave a Comment