ප්‍රමුඛ පුවත 1

ඇමති මංගල අද ජිනීවා සමුළුව අමතයි

(උදයම්,කොළඹ)  – මෙරට විදේශ කටයුතු අමාත්‍යවරයා අද(28) 34 වන ජීනිවා මානව හිමිකම් සමුළුව ඇමතීමට නියමිතය.

ඒ අනුව ශ්‍රී ලංකාව තුළ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබදව සහ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා ක්‍රියාත්මක කර ඇති ආකාරය පිළිබදව මෙහිදි විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් පැහැදිළි කිරීමට නියමිතව තිබේ.

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තා කිහිපයක් ඉදිරිපත් වීමට නියමිත බව වාර්තාවේ.

34 වන ජීනිවා මානව හිමිකම් සමුළුව ඊයේ(27) දින  ආරම්භ වු අතර එය ලබන 24 වන දින දක්වා පැවැත්වේ.

Related posts

නොරොච්චෝලේ ජනන යන්ත්‍රයක කාර්මික දෝෂයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලයක්

Mohamed Dilsad

ප්‍රියංක ප්‍රනාන්දු නඩුවේ අවසන් තීන්දුව අද

Mohamed Dilsad

Leave a Comment