Trending Newsඑසැන පුවත්දේශීය

නාරාහේන්පිට පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට

(UTV | කොළඹ) –

තංගල්ල ප්‍රදේශයේ මැණික් හා ස්වර්ණාභරණ ආයතනයකින් රුපියල් තුන්කෝටි හතළිස් හය ලක්ෂයක් වටිනා රන්බඩු, මැණික් සහ විදේශ මුදල් සොරකම් කර ළඟ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිස් ස්ථානයට අනුයුක්ත කොස්තාපල්වරයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි තංගල්ල පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාරාහේන්පිට පොලිසියට අනුයුක්ත කොළඹ දකුණ III  සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ රාජකාරී කරනු ලබන කොස්තාපල්වරයකු (23), කිරම බටගස්ස ප්‍රදේශයේ පදිංචි (27) පුද්ගලයකු සහ කිරම, වෙළෙදගොඩ ප්‍රදේශයේ පදිංචි (22) හැවිරිදි පුද්ගලයකු බව ද පොලිසිය කියයි. සැකකරුවන් විසින් සොරාගන්නා ලද දේපොළ වලින් කොටසක් ද පොලිසිය සොයාගෙන ඇති අතර, වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Related posts

New Secretaries to Ministries appointed

Mohamed Dilsad

පාර්ලිමේන්තු මැතිවරණයේ වියදම් ඇස්තමේන්තුව රු. බි. 11 ක් – මැතිවරණ කොමිෂම

Editor O

මහනුවර, කුළුගම්මන අනතුරක්: 37 දෙනෙක් රෝහල් ගත කරයි.

Editor O

Leave a Comment