දේශීයප්‍රමුඛ පුවත 1ප්‍රමුඛ පුවත 2ප්‍රමුඛ පුවත 3

පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනයට කමිටුවක්

(UTV | කොළඹ) –

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ලැබී තිබූ බවට පැවසෙන, පූර්ව තොරතුරු/බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි සේවය, ජාතික බුද්ධි ප්‍රධානී සහ අනෙකුත් බලධාරීන් ගත් ක්‍රියාමාර්ග පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විශ්‍රාමික විනිසුරු ඒ. එන්. ජේ. ද අල්විස් මහත්මියගේ සභාපතීත්වයෙන් යුත් විමර්ශන කමිටුවක් පත් කර තිබේ.

ඉන්දීය බුද්ධි අංශ ලබාදුන් තොරතුරු මත පදනම්ව ගනු ලැබූ ක්‍රියාමාර්ග මෙන්ම වව්නතිව්හි දී සිදුවූ ඝාතනවලට එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්බන්ධ බවට හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පෙර සිදුකර තිබූ අනාවරණය පිළිබඳව ද එහිදී විමර්ශනය කෙරෙනු ඇත.

මෙම කමිටුවේ වාර්තාව, එළඹෙන සැප්තැම්බර් මස 15 වනදාට පෙර ඉදිරිපත් කළ යුතුයි.

 

Related posts

දේශපාලනයේදී ආචාර්ය, මහාචාර්යය තනතුරු දා ගැනීම රෝගයක් වෙලා – ආචාර්යය නිර්මාල් දේවසිරි

Editor O

රටේ සියලු ජනතාවගේ නායකයා ලෙස ඔවුන් සියලුදෙනාගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරීමට තමා කැපවී සිටින බව ජනපති කියයි

Mohamed Dilsad

සියළුම මගී බස්රථවල රූපවාහිනි යන්ත්‍ර තහනම් කරන ලෙස ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment