Trending Newsඑසැන පුවත්දේශීය

වාහන ගෙන්වීම පිළිබඳ තීරණයක්

(UTV | කොළඹ) –

සංචාරක වාහන ගෙන්වන රෙගුලාසි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 2023 අංක 02 දරණ ආනයන හා අපනයන පාලන රෙගුලාසි ප්‍රකාරව ශ්‍රී ලංකාවට මෝටර් රථ වාහන ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති නමුත් සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවක් පරිදි සංචාරකයින් ප්‍රවාහනය කිරීම සඳහා කුඩා ප්‍රමාණයේ බස් රථ 250ක් හා වෑන් රථ 75ක් ආනයනය කිරීම පිණිස 2024-4-1 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි විය.

එම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා ආනයන හා අපනයන පාලන රෙගුලාසි ප්‍රකාශයට පත් කර ඇත. අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇති එකී රෙගුලාසි අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Related posts

அநுராதபுரம் நீர் சுத்திகரிப்பு தொகுதிகள் ஜனாதிபதி தலைமையில் திறப்பு

Mohamed Dilsad

Seventeen arrested at Matara hotel remanded

Mohamed Dilsad

Sampanthan met with Mahinda Rajapaksa

Mohamed Dilsad

Leave a Comment