දේශීය

අද කාලගුණය වෙනස්වෙන්නේ මෙහෙමයි

අද දිනයේ දිවයිනේ දකුණු අර්ධයේ අහස වලාකුළුවලින් බරව පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

අද (10) දිනට අදාළ කාලගුණ වාර්තාව නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව මේ බව පවසයි.

 

මේ අතර බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

 

මේ අතර මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

 

මේ අතර එම දෙපාර්තමේන්තුව පවසන්නේ ගාල්ල සිට හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළුවිය හැකි බවය.

 

එසේම දිවයින වටා සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ සිට මද වශයෙන් රළු විය හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Related posts

කොළඹ වරාය නගර කොමිෂන් සභාවේ සාමාජිකයින් ගැන අනාවරණය කරයි [RELEASE]

Mohamed Dilsad

රේගුව විසින් රාජසන්තක කළ අත්‍යවශ්‍ය ආහාර සතොස හරහා සහන මිලට

Mohamed Dilsad

කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් රජයෙන් නව යෝජනා ක්‍රමයක්

Mohamed Dilsad

Leave a Comment