දේශීයව්‍යාපාරික

කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් රජයෙන් නව යෝජනා ක්‍රමයක්

(UTV | කොළඹ) – රට තුළ කෘෂිකර්මාන්තය දියුණු කිරීමේ අරමුණින් නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව බෝග වර්ග 36 ක් සඳහා 4්‍ % ක පොලී අනුපාතයකට රුපියල් ලක්ෂ 5 ක් දක්වා ණය මුදල් ලබාදීමටයි එහිදී නියමිතව ඇති අතර , රාජ්‍ය බැංකු හරහා පමණක් මෙම ණය සදහා ඉල්ලුම් කළ හැක. ආපසු ගෙවීමේ කාලය මාස 9 ක්.

මේ අනුව වී, මිරිස්, ලුණු, කව්පි, මුංඇට, උඳු, සෝයා, කුරක්කන්, බඩඉරිගු, බීට්, බෝංචි, ගෝවා, කැරට්, ඇතුලු බෝග වර්ග 36 ක් සඳහා මෙම ණය පහසුකම හිමි වනු ඇති.

එමෙන්ම ගෙවතු වැඩසටහන සඳහා එක් ගෙවත්තකට මෙම භෝග වගා සඳහා රුපියල් 40,000 ක උපරිමයකට යටත්ව 4්‍% ක පොලියකට රාජ්‍ය බැංකු මගින් ණය ලබාදීමටද මහ බැංකුව අනුමැතිය හිමිව තිබේ.

මෙහිදී රජයෙන් ගෙවනු ලබන ණය සහනාධාරය 5්‍ %ක් වන අතර ණය ලබන්නාගේ පොලිය 4්‍ % ක් බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය

Related posts

මෙරට කොවිඩ් මරණ ගණන 73දක්වා ඉහළට[RELEASE]

Mohamed Dilsad

අපේක්ෂා රෝහලේදී ඇමති නලින්ද කළ ප්‍රකාශයට, මහා සංඝරත්නයේ විරෝධය පළවෙයි.

Editor O

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්ථන පනත් කෙටුම්පත ලබන 25 දා විවාදයට

Editor O

Leave a Comment