දේශීය

වැරදි වැඩක් කළ නීතිඥවරයාගේ වෘත්තීය අහිමිකෙරේ

වෘත්තීය විෂමාචාර චෝදනාවලට වරදකරු කළ නීතිඥවරයකුගේ නීතිඥභාවය ඉවත්කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

 

විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු සහ එස්. තුරෙයිරාජා යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදුනි.

 

ඉඩම් ගනුදෙනුවකට අදාළ ඔප්පු කටයුත්තකදී එම නීතිඥවරයා නීතිවිරෝධී ක්‍රියාවක් සිදුකළ බවට ඉදිරිපත් කළ පැමිණිල්ලක් දීර්ඝ වශයෙන් විභාග කිරීමෙන් අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණය එම තීන්දුව ප්‍රකාශයට පත්කළේය.

 

ඒ අනුව අදාළ නීතිඥවරයාගේ නම නීතිඥ නාමලේඛනයෙන් ඉවත්කිරීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නියෝග කර සිටියේය.

Related posts

මැතිවරණ කොමිසමෙන් හදිසියේම විශේෂ දැනුම්දීමක්

Mohamed Dilsad

නිරෝධායන රීති කැඩූ 200 කට වැඩි පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

ජයන්ත කැටගොඩ දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment