දේශීය

රේගුව විසින් රාජසන්තක කළ අත්‍යවශ්‍ය ආහාර සතොස හරහා සහන මිලට

(UTV | කොළඹ) – මෙරට වරායන් මගින් නිදහස් කරගනු නොලබන සහ ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරනු ලබන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලංකා සතොස හරහා සහන මිලකට මහජනතාව වෙත අලෙවි කිරීමට රජය තීරණය කර ඇත.   

ඒ වෙළද අමාත්‍යවරයා සහ වරාය හා නාවික අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වීමත් සමගයි.

කොවිඩ් 19 වසංගතය යටතේ මහජනතාව අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පහසු මිලට හිඟයකින් තොරව ලබාදීමේ ක්‍රමවේදයක් දැනටමත් ලංකා සතොස ආයතනය විසින් ආරම්භ කර ඇති අතර ඊට සමගාමීව මෙම ක්‍රියාවලිය ද ආරම්භ කෙරෙනු ඇති.

Related posts

දිවයිනේ සියලුම බන්ධනාගාරවල PCR පරීක්ෂණ

Mohamed Dilsad

කංජිපානි ඉම්රාන් යලි රිමාන්ඩ්

Mohamed Dilsad

අලියා සහ දුරකථනය අතර සාකච්ඡා – රුවන් විජයවර්ධනගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment