දේශීයප්‍රමුඛ පුවත 1

ගුරු විදුහල්පතිවරු ජුනි 12 වෙනිදා රට පුරා උද්ඝෝෂණ

(UTV | කොළඹ) –

දිවයින පුරා කලාප කාර්යාල සියයක් ඉදිරිපිට ජුනි 12දා  පස්වරුවේ දී විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ සහයෝගයෙන් උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්  ප්‍රකාශ කළේ වැටුප් විෂමතා ගැටලුවලට විසඳුම් ලබා නොදීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි.

කෙසේ වෙතත් වැටුප් විෂමතා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡා සාර්ථක බව ජාතික ගුරු එකමුතුව සඳහන් කරයි..

ඒ හේතුවෙන් මෙම උද්ඝෝෂණයට සම්බන්ධ නොවන බව පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළහ.

Related posts

පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කළ බහාලුම් ගැන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

Editor O

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට ජීවිත තර්ජන..!

Editor O

පොලිස් අණ නොකතා පළා ගිය තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment