දේශීයප්‍රමුඛ පුවත 1

ගුරු විදුහල්පතිවරු ජුනි 12 වෙනිදා රට පුරා උද්ඝෝෂණ

(UTV | කොළඹ) –

දිවයින පුරා කලාප කාර්යාල සියයක් ඉදිරිපිට ජුනි 12දා  පස්වරුවේ දී විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ සහයෝගයෙන් උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින්  ප්‍රකාශ කළේ වැටුප් විෂමතා ගැටලුවලට විසඳුම් ලබා නොදීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි.

කෙසේ වෙතත් වැටුප් විෂමතා සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡා සාර්ථක බව ජාතික ගුරු එකමුතුව සඳහන් කරයි..

ඒ හේතුවෙන් මෙම උද්ඝෝෂණයට සම්බන්ධ නොවන බව පූජ්‍ය උලපනේ සුමංගල ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළහ.

Related posts

ජාතික පොලිස් කොමිසමෙන් විශේෂ තීරණයක්

Mohamed Dilsad

ජනපති එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අද හමුවීමට සුදානම්

Mohamed Dilsad

බොහෝ ප්‍රදේශ වලට අදත් තද වැසි

Mohamed Dilsad

Leave a Comment