ප්‍රමුඛ පුවත 1

පොලිස් අණ නොකතා පළා ගිය තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

(UTV|කුරුණෑගල) – කුරුණෑගල පිලීකඩ ප්‍රදේශයේදී පොලිස් අණ නොතකා පළා ගිය තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

ඔවුන් අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ලද තොරතුරක් මත පොලීසිය මතද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ඊයේ(12) පස්වරුවේ කළ වැටලීමක් අතරතුර අණ නොතකා ධාවනය කළ වෑන් රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය ඔවුන් ලුහු බඳින අවස්ථාවේ සැකකරුවන් වෑන් රථය දමා පළා ගොස් ඇත.

එක් අයෙකු පොලිස් වෙඩි පහරින් තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කෙරුණි.

තුවාල ලබා ඇත්තේ හෙරෝයින් ජාවාරම්කරුවෙකි.

පළා ගිය තවත් සැකකරුවෙකු සොයා පරීක්ෂණ පැවැත්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අනුරාධපුරයේ පාසැලක් ඉදිරිපිට අත්බෝම්බයක්

Mohamed Dilsad

ළමා ශ‍්‍රමික වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළට

Mohamed Dilsad

ගිනි පෙට්ටි නිෂ්පාදකයින්ගේ ගැටළු පිළිබඳ ඇමති රිෂාඩ් සොයා බලයි

Mohamed Dilsad

Leave a Comment