Trending Newsඑසැන පුවත්දේශීය

පරීක්ෂාවකින් තොරව රේගුවෙන් නිදහස් කළ බහාලුම් ගැන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

දැඩි පරීක්ෂාවකට ලක්විය යුතු බවට රේගුව විසින්ම රතු කාණ්ඩයෙන් ලේබල් කරන ලද බහළුම් 323 ක් නිදහස් කිරීම පසුපස බස්නාහිර පළාත් පළාතේ ආණ්ඩුවේ ප්‍රබලයෙකු වන ප්‍රබල ව්‍යාපාරිකයකු සිටින බවට තොරතුරු වාර්තා වන බව ප්‍රගතිශීලී තරුණ ව්‍යාපාරය සඳහන් කරයි.

එහි කැඳවුම්කරු නීතිඥ නිරාශාන් විතානගේ මහතා මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර තිබේ. එවන් දැඩි පරීක්ෂාවට ලක් කළ යුතු බවට නිර්දේශ කර ඇති බහාලුම් තුළ මෙරටට ගෙන්වීම තහනම් කර ඇති තහනම් ද්‍රව්‍ය බොහෝමයක් තිබිය හැකි බවද පැවසු ඔහු ගිනි අවි, මත්ද්‍රව්‍ය, පුපුරණ ද්‍රව්‍ය, තහනම් ඖෂධ වර්ග ඇතුළු බොහෝ දෑ මේ අතර විය හැකි බව බරපතල සැකයක් ඇතැයි හෙතෙම පෙන්වා දෙයි.

පරීක්ෂාවට ලක් කරන නොකරන ලද බහාලුම්වල සියලු වගකීම රජය බාරගන්නා බවට වරාය නියෝජ්‍ය අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශය හරහාද මෙම සැකය මතුවන බවත් ඔහු කියා සිටී.

Related posts

නව ආසාදිතයින් 262ක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 2,138කට උසස්වීම්

Editor O

Galle Road closed for Independence Day rehearsals

Mohamed Dilsad

Leave a Comment