Trending Newsඑසැන පුවත්දේශීය

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානට ජීවිත තර්ජන..!

සමගි ජන බලවේගය නියෝජනය කරන කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාට මරණ තර්ජන එල්ල වී තිබීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (24) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගේ අවධානය යොමු කළේය.

මෙම බරපතල තත්ත්වය සලකා බලා වහාම මන්ත්‍රීවරයාට ආරක්ෂාව ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා ඉල්ලා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රී ජගත් විතාන මහතා සඳහන් කළේ, තමා ඝාතනය කිරීමට සැලසුමක් ඇති බවට පොලිස්පතිවරයාගේ රහස්‍ය වාර්තාවක් කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත ලැබී ඇති බවයි.

එම වාර්තාවට අනුව, නිවසින් පිටතට වාහනයෙන් පැමිණෙන අවස්ථාවේදී මෙම ඝාතනය සිදු කිරීමට සැලසුම් කර ඇත.

තවදුරටත් අදහස් දැක්වූ ජගත් විතාන මහතා එම රහස්‍ය වාර්තාව සභාගත කරමින්, සිය ආරක්ෂාව කඩිනමින් තර කිරීම සඳහා මැදිහත් වන ලෙස මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායකවරයාගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියේය.

Related posts

Exam malpractices least during 2019 A/Level exam

Mohamed Dilsad

Mum’s voice used in jungle hunt for missing girl

Mohamed Dilsad

President instructs CEA to strengthen programmes launched to ensure environmental conservation

Mohamed Dilsad

Leave a Comment