දේශීය

පාන් ගෙඩිය වෙනුවෙන් ගැසට් පත්‍රයක්

(UTV | කොළඹ) – පාන් ගෙඩියක සහ පාන් භාගයක නියමිත බර නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පැවසීය.

පාන් ගෙඩියක නියමිත බර ග්‍රෑම් 450ක් විය යුතු අතර එහි වෙනස්වීම ග්‍රෑම් 13.5ක් විය හැකි බවත් පාන් භාගයක නියමිත බර ග්‍රෑම් 225ක් වියයුතු අතර එහි වෙසන්වීම ග්‍රෑම් 9කට නොවැඩි විය යුතු බවත් එම නිවේදනය සඳහන් වේ.

විකිණීමට තබා ඇති පාන් ප්‍රදර්ශනය කිරීමේදී එහි බර පැහැදිලිව පෙනෙන සේ සඳහන් විය යුතු බවද පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ගම්පහ, කළුතර සහ යාපනයේ ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කෙරේ

Mohamed Dilsad

මාලිමා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට | ග්‍රාම නිලධාරිනියකට බැන තර්ජනය කරලා

Editor O

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට පංච පුද්ගල පරිපාලන කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment