විදෙස්

පකිස්ථානුවන් අතින් ගිලිහෙන එරට ගුවන් සේවය ‎

(UTV | කොළඹ) – ආර්ථික අර්බුදයකට මුහුණ දෙන පාකිස්තානය, එරට ජාතික ගුවන් සේවය විකුණා දැමීමට භාරකාර රජය සූදානම් වෙයි.

පාකිස්තාන බලධාරීන්, පසුගිය ජූනි මාසයේ ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟත්වයක් ඇති කර ගත්තේය. ඒ අනුව, පාකිස්තානයට ඩොලර් බිලියන 3ක අරමුදල් අනුමත විය.
එකඟත්වය අනුව, පාකිස්තාන ජාතික ගුවන් සේවය ද ඇතුළු පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමට කටයුතු ආරම්භ කෙරුණි.
පාකිස්තාන මැතිවරණය පෙබරවාරි 8 වනදා පැවැත්වීමට නියමිතය. භාරකාර රජයක් බලයේ සිටින්නේ එබැවිනි.
භාරකාර රජයේ, පුද්ගලිකකරණය සම්බන්ධ ඇමැති ෆවාඩ් හසන් ෆවාඩ් පවසා ඇත්තේ, රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලින් සියයට 98 ක් පමණ සම්පූර්ණ කර ඇති බවය.
ජාතික ගුවන්සේවය විකිණීමට අදාළ කැබිනට් අනුමැතිය ලබා ගැනීම ද ඉදිරි දින කිහිපයේ දී සිදුවනු ඇත.

Related posts

චීන ජනාධිපතිවරයාට රිසිසේ බලයේ ඉන්න අවස්ථාව

Mohamed Dilsad

එංගලන්තයේ ඡන්ද අයිතිය අවුරුදු 16 සිට

Editor O

ඉලොන් මස්ක් චීනයට

Mohamed Dilsad

Leave a Comment