Trending Newsඑසැන පුවත්දේශීය

මාලිමා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට | ග්‍රාම නිලධාරිනියකට බැන තර්ජනය කරලා

ග්‍රාම නිලධාරීනියකට බැන තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය පුත්තලම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු (26) අත්අඩංගුවට ගෙන ඇතැයි මුන්දලම පොලීය කියයි

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම ප්‍රදේශීය සභාව වෙනුවෙන් මංගලඑළිය කොට්ඨාසය නියෝජනය කරමින් තේරී පත්වූ මන්ත්‍රීවරායාය. ඉකුත් 5වනදා තමන් ආපදා රාජකාරි කටයුතු සඳහා යතුරුපැදියෙන් ගමන්කරමින් සිටි අවස්ථාවේ අදාළ මන්ත්‍රීවරයා පැමිණි කුඩා ලොරි රථයක ගැටී අනතුරක් සිදුවූ බවත්, එම අවස්ථාවේදී මන්ත්‍රීවරයා තමන්ට බැන වැදුණු බවත් ග්‍රාම නිලධාරීවරිය පොලීසියට ප්‍රකාශ කර ඇත තමන් මේ බව මුන්දලම ප්‍රාදේශීය ලේකම්වරිය දැනුම්වත්කළ බව ඇය පවසයි.

ඒ අතරවාරයේ ඉකුත් 8 වනදා පැවති ආපදා කමිටු රැස්වීමෙන් පසුවද අදාළ මන්ත්‍රීවරයා තමන්ට දුරකථනයෙන් කථාකර බැන වැදුණු බවද ග්‍රාම නිලධාරීනිය පොලීසියට පවසා ඇත.

අදාළ පැමිණිල්ල විභාග කිරීම සිදුකළ කැඳවීමක් අනුව මන්ත්‍රීවරයා අද පෙරවරුවේ මුන්දලම පොලීසියට පැමිණ ඉදිරිපත්වීමෙන් පසුව, එකී මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන ඇත.. ඔහු පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

புதிய தொழிலில் ஈடுபடும் அமலாபால்

Mohamed Dilsad

මෝසමක් සලකාබැලීමට අධිකරණයෙන් දිනයක්

Mohamed Dilsad

පාස්කු ප්‍රහාරය පිළිබඳ එස්.අයි. ඉමාම් වාර්තාව සහ ඒ එන් ජේ ද අල්විස් වාර්තාව ප්‍රසිද්ධියට පත්කිරීමට ආණ්ඩුවට දින 7ක් දෙයි – ප්‍රසිද්ධ නොකළොත් ප්‍රසිද්ධ කරන කරනවා – උදය ගම්මන්පිල

Editor O

Leave a Comment