ක්‍රීඩාදේශීය

ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක්

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට ලැබී ඇති බලතල අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් පත්කර තිබේ.

 

අමාත්‍යවරයා විසින් 7 දෙනෙකුගෙන් සමන්විත එම කමිටුව පත්කර ඇත.

 

එහි සභාපති ලෙස හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා කටයුතු කරයි.

 

ඒ සමගම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වර්තමාන පරිපාලනයේ කටයුතු අත්හිටුවා ඇත.

 

එයට අදාළ ගැසට් නිවේදනය අද (06) දිනයේ නිකුත් කිරීමට නියමිත බව ද වාර්තා වේ.

 

අද දින පත්කළ නව අතුරු කමිටුව ඉන් අනතුරුව අදාළ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

Related posts

හය ශ්‍රේණිය ඉංග්‍රීසි පොතේ නොහොබිනා දෑ ඇතුළත් කිරීමේ සිද්ධියේ වරදකරු ගැන ඉඟියක්…?

Editor O

අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් දසදහසක් පීඩාවට

Editor O

2022 වසරේ සංචාරකයින් ලක්ෂ 7 ක් ශ්‍රී ලංකාවට පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment