ක්‍රීඩා

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

2023 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය ලක්නව් හීදී ආරම්භ වීමට නියමිතය.

 

එහි කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත් විය.

 

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔහු තීරණය කළේය.

 

මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකර තිබේ.

 

තුවාල ලැබූ දසුන් ශානක වෙනුවට චාමික කරුණාරත්න ව කැඳවා ඇති අතර මතීෂ පතිරණ ගේ ස්ථානය ළහිරු කුමාර ට හිමිවී තිබේ.

 

මේ අතර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ කිසිදු වෙනස්කමක් සිදුකර නොමැත.

Related posts

පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය නවසීලන්තයට

Mohamed Dilsad

ලක්ෂාන් සඳකැන් හොඳම ක්‍රීඩකයින් 10 දෙනා අතරට

Mohamed Dilsad

ඉසුරු උදානට අද තවත් අවස්ථාවක්

Mohamed Dilsad

Leave a Comment