දේශීය

ජල ටැංකියකට වැටීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට

නෙළුම්කුලම, භාරතීපුරම් ප්‍රදේශයේ දී කුඩා දැරියක් ජල ටැංකියකට වැටිමෙන් මියගොස් තිබේ.

 

පොලීසිය පැවසුවේ, තවත් දරුවන් කිහිප දෙනෙකු සමඟ සෙල්ලම් කරමින් සිටිය දී මෙම අනතුර සිදුවී ඇති බවට මුලික විමර්ශනවල දී තහවුරු වී ඇති බවයි.

 

දැරිය ජල ටැංකියට වැටීමෙන් පසු වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

 

මියගොස් ඇත්තේ, අවුරුදු 01යි මාස 11ක් වන වව්නියාව භාරතීපුරම් ප්‍රදේශයේ පදිංචි දැරියකි.

 

මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඥාතීන්ට භාර දී ඇති බව වාර්තා වෙයි.

Related posts

මාලිමාවේ දෙහිවල-ගල්කිස්ස කොට්ඨාස සංවිධායක මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට

Editor O

නේවාසිකාගාරයක ඇතිවූ ගැටුමකින් දෙදෙනෙක් මරුට

Mohamed Dilsad

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසවලට ඉන්න මාලිමා මන්ත්‍රීන්ට සැප මදි වෙයි | AC ඉල්ලයි

Editor O

Leave a Comment