දේශීය

නේවාසිකාගාරයක ඇතිවූ ගැටුමකින් දෙදෙනෙක් මරුට

(UTV | හොරණ) – හොරණ අරමනාගොල්ල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක නේවාසිකාගාරයක ඇතිවූ ගැටුමකින් දෙදෙනෙකු මියගොස් එක් අයෙකු බරපතල තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කරයි.

කර්මාන්ත ශාලාවේ නේවාසිකාගාරයෙහි සිටි පිරිසක් අතර මෙම ගැටුම හටගෙන ඇති අතර සිද්ධිය වන අවස්ථාවේ පිරිස බීමත්ව සිටි බවද අනාවරණය වී ඇත.

ආරවුල දුරදිගයාමත් සමග එක් පුද්ගලයෙකු යකඩ මිටියකින් කළ පහරදීමෙන් දෙදෙනෙකු මියගොස් අනෙක් පුද්ගලයා බරපතල තුවාල ලබා තිබේ. සැකකරු හොරණ පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

Related posts

උසස් පෙළ විභාගය සඳහා විශේෂ ප්‍රවාහන සැලැස්මක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය රනිල්ට

Editor O

හෙට සිට බස් නැතිවෙන ලකුණු

Mohamed Dilsad

Leave a Comment