දේශීය

හෙට සිට බස් නැතිවෙන ලකුණු

(UTV | කොළඹ) – පවතින ඩීසල් හිඟය නිසා හෙට (07දා) සිට බස්රථ ධාවන කිරීමට නොහැකි තත්ත්වයක් නිර්මාණ වී තිබෙන බවත්, මෙම තත්ත්වය ඉදිරි දින 05ක කාලයක් පමණ පැවතිය හැකි බවත් ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

බොහෝ පිරවුම්හල්වලින් ඊයේ (05දා) දිනයේදී ඩීසල් නිකුත් නොකළ බවත්, මේ නිසා හෙට දිනයේදී අතිබහුතරයක් බස් රථවලට ධාවනය කිරීමට නොහැකි වන බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

එසේම අද (06දා) දින පැවැත්වෙන හර්තල් සඳහා සහාය දැක්වීමට ඊයේ (05දා) දින මධ්‍යම රාත්‍රී 12.00 සිට අද මධ්‍යම රාත්‍රී 12.00 දක්වා බස්රථ සේවයෙන් ඉවත්කර ගැනීමට කටයුතු කර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.

Related posts

විදුලිය සහ ඉන්ධන සැපයීම අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කෙරේ

Mohamed Dilsad

පෙට්‍රල් ලීටරයකට රු. 72ක් බදු ලෙස අය කිරීමට ගැසට් නිවේදනයක්

Editor O

පුත්තලම – කොළඹ දුම්රිය මගීන්ට නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment