දේශීය

පළමු රන්දෝලි පෙරහර අදයි

මහනුවර ඇසළ මහා මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර අද (26) රාත්‍රියේ වීථි සංචාරය කිරීමට නියමිත ව තිබේ.

 

ඒ අනුව පළමු රන්දෝලි පෙරහර අද රාත්‍රී 07.26ට ආරම්භ වීමට නියමිතය.

 

රන්දෝලි පෙරහර දළදා වීථිය, ඩී.එස්.සේනානායක වීථීය, පන්සල පාර ඔස්සේ ඉහළට පැමිණ දේව වීථිය, කොළඹ වීථිය ඔස්සේ ගමන් කර ඊ.එල්.සේනානායක වීථියට පිවිස ඒ හරහා හරස් වීථිය ඔස්සේ ගමන් කිරීමෙන් අනතුරුව නැවත ඩී.එස්.සේනානායක වීථීයට පිවිස රජ වීථියට හැරී ඉහළට ඇවිත් ගෙවැදීමට නියමිතයි.

 

දින 05ක් පුරා පැවති කුඹුල් පෙරහරේ අවසාන පෙරහර ඊයේ (25) විථි සංචාරය කළේය.

Related posts

පාදෙණියේ අනතුරින් හමුදා සාමාජිකයෙක් මරුට

Mohamed Dilsad

”සාකච්ඡා දුර්වලයි” – ඇමරිකා තීරු බද්ද ගැන විපක්ෂ නායක සජිත්ගෙන් ට්විටර් සටහනක්

Editor O

ශී‍්‍ර ලාංකිකයින් තිදෙනෙකුට ඩුබායි අධිකරණය දඩ ගසයි

Mohamed Dilsad

Leave a Comment