දේශීය

ජල ටැංකියකට වැටීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට

නෙළුම්කුලම, භාරතීපුරම් ප්‍රදේශයේ දී කුඩා දැරියක් ජල ටැංකියකට වැටිමෙන් මියගොස් තිබේ.

 

පොලීසිය පැවසුවේ, තවත් දරුවන් කිහිප දෙනෙකු සමඟ සෙල්ලම් කරමින් සිටිය දී මෙම අනතුර සිදුවී ඇති බවට මුලික විමර්ශනවල දී තහවුරු වී ඇති බවයි.

 

දැරිය ජල ටැංකියට වැටීමෙන් පසු වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.

 

මියගොස් ඇත්තේ, අවුරුදු 01යි මාස 11ක් වන වව්නියාව භාරතීපුරම් ප්‍රදේශයේ පදිංචි දැරියකි.

 

මෘත ශරීරය සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඥාතීන්ට භාර දී ඇති බව වාර්තා වෙයි.

Related posts

පාසල් යළි ආරම්භ කරන දිනය මෙන්න

Mohamed Dilsad

සිතාසි නිකුත් කළේ ගල්කිස්ස හිටපු මහෙස්ත්‍රාත්වරියට

Mohamed Dilsad

මාලිමාවේ ස්ටිකර් සහිත වාහනයකින්, එළුවන් ගවයන් ප්‍රවාහනය කිරීමේ ජාවාරමක්

Editor O

Leave a Comment