දේශීය

අද රාත්‍රියේ ඡායා චන්ද්‍රගහණයක් දිස්වෙයි

(UTV | කොළඹ) – අද (05) මෙරට ඡායා චන්ද්‍රගහණයක් දිස්වීමට නියමිත බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයනාංශය පවසයි.

මේ වසරේ දිස්වන දෙවන චන්ද්‍රගහණය මෙය වන බව එහි තාරකා විද්‍යා හා අභ්‍යාවකාශ විද්‍යා ඒකකයේ මාහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරයි.

ඒ අනුව එම ඡායා චන්ද්‍රගහණය අද රාත්‍රී 11.15ට ආරම්භ වී ලබන 06 වන දින අලුයම 2.34ට අවසන් වීමට නියමිතයි.

මාහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවට අමතරව මෙම චන්ද්‍රගහණය ඔස්ට්‍රේලියාව, අප්‍රිකාව, දකුණු අමෙරිකාව සහ ආසියා සහ යුරෝපීය රටවල් රැසකට දිස්වනු ඇති බවයි.

Related posts

23 හැවිරිදි තරුණයා දියේ ගිලී මරුට

Mohamed Dilsad

පරිප්පු – සීනි ආනයනයට රජය මැදිහත් වෙයි

Mohamed Dilsad

කොළඹ අක්ෂි රෝහලේ සංකේත වැඩවර්ජනයක්

Mohamed Dilsad

Leave a Comment