ක්‍රීඩා

ඉන්දීය – ශ්‍රී ලංකා තරඟ සංචාරය කල් දැමේ

(UTV | කොළඹ) – ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය කල් දැමීමට සිදුව ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා පවසයි.

කොරෝනා වසංගතය හේතුවෙන් ඉන්දියාව සමග ලබන ජූලි මාසයේ සැලසුම් කර තිබූ එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් තරඟාවලිය පැවැත්වීමට නොහැකි බව ඔහු සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසුවේ එළඹෙන සතියේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානීන් සමග පැවැත්වෙන සාකච්ඡාවේදී නව දින තීරණය කිරීමටත්, මෙරට ක්‍රිකට් බලධාරින් සැලසුම් කර ඇති බවයි.

Related posts

ප්‍රශංසා රැසක් නැමිබියාවට

Mohamed Dilsad

විරාත් කෝලී තිලකරත්න ඩිල්ෂාන්ව පරයා යයි..

Mohamed Dilsad

ඉන්දීය කණ්ඩායම් නායකත්වය කෝලිට

Mohamed Dilsad

Leave a Comment