දේශීය

ඇඳිරි නීතිය උල්ලංඝනය කල පිරිස 70,000 ඉක්මවයි

(UTV | කොළඹ) – ඇඳිරි නීති රෙගුලාසි කඩ කළ පුද්ගලයින් 1490 දෙනෙකු ගතවූ පැය 24 තුළදී අත්අඩංගුවට ගෙන තිබේ.

එම කාල සීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 498 ක්.

මාර්තු 20 වනදා සිට මේ දක්වා ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 70,042 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 19 ,856 ක් .

පොලිසිය පවසන්නේ අත්අඩංගුවට ගත් පිරිස අතරින් 25,942 දෙනෙකුට එරෙහිව නඩු පවරා ඇති අතර ඉන් දඬුවම් නියම කර ඇති සංඛ්‍යාව 10,892 ක් බවයි.

එමෙන්ම බස්නාහිර පළාතේ ඊයේ උදෑසන 6 සිට අද උදෑසන 5 දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 450 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

ඩෙල්ටා විකෘති ප්‍රභේද තුනක් මෙරටින් හඳුනා ගැනේ

Mohamed Dilsad

ප්‍රථම වරට මෙරට කොරෝනා ආසාදිතයින් 2500 ඉක්මවයි

Mohamed Dilsad

සරසවි කඩඉම් ලකුණු අද පස්වරුවේ

Mohamed Dilsad

Leave a Comment