ක්‍රීඩා

ඉන්දීය කණ්ඩායම් නායකත්වය කෝලිට

(උදයම් , ඉන්දීයා ) – ඉදිරියේදී එංගලන්තය සමග පැවැත්වෙන සීමිත පන්දු වාර තරගාවලියේදී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය විරාට් කෝලී හට භාර දී ඇති බව ඉන්දීය වාර්තා පවසයි .
මෙම තරගාවලියට ජ්‍යාතන්තර එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුලත් වේ.
තරගාවලිය ලබන 15 වනදා ආරම්භ වීමට නියමිතයි.
කණ්ඩායම් නායකත්වයෙන් එම්.එස්.දෝනි පසුගිය බදාදා ඉවත් විය.
ඉන් පසු එළබෙන ජාත්‍යන්තර එක් දින තරගාවලියේ නායකත්වයට විරාට් කෝලී පත් කිරීමට ඉන්දීය ක්‍රිකට් බලධාරීන් තීරණය කර තිබේ.
2007 වසරේ සැප්තැම්බර් මාසයේ සිට ඉන්දීය කණ්ඩායමේ නායකත්වය එම්.එස්.දෝනි දරු අතර ඔහුගේ නායකත්වය යටතේ 2007 දී විස්සයි විස්ස ලෝකකුසලනය, 2011 වසරේදී ලෝකකුසලනය සහ 2013 දී චැම්පියන්ස් ට්‍රෝෆී තරගය ජය ගැනීමට සමත් විය.

Related posts

ක්‍රිකට් පන්දුව ඔප දැමීම සඳහා වැක්ස් ආලේපනයක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා නැගී එන ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය කෞෂාල්ට

Mohamed Dilsad

IPL අවසන් සටනේ රනින් කැටයම් කළ කුසලානය කාට ද

Mohamed Dilsad

Leave a Comment