ප්‍රමුඛ පුවත 1

උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වීමත් සමග වවුනියාවෙන් ඇසෙන සංවේදී කතාව

(උදයම්,කොළඹ ) – 2016 වසරේ උසස් පෙළ ප්‍රතිඵල අද අලුයම නිකුත් වුණි.
අද උදෑසන නිකුත් වූ උසස්පෙළ ප්‍රතිඵල වලට අනුව ඇය වව්නියාව දිස්ත්‍රික්කයේ ගණිත අංශයෙන් ප්‍රථම ස්ථානය ලබා ඇත්තේ සත්‍යනාදන් ශිවදුර්ගා නම් මෙම සිසුවියයි.

නමුත් මෙම සුභ ආරංච්ය ලැබෙන විට සත්‍යනාදන් දැරිය මෙලොවින් සමුගෙන මාස හතරකට ආසන්න කාලයක් ගත වී ඇති බව අපට අසන්නට ලැබුණි.

ඇය මියගොස් ඇත්තේ කුරුණෑගල මහව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකිනි.

ඇය අධ්‍යාපනය ලබා ඇත්තේ වව්නියාව රම්බෙයිකුලම් කාන්තා විද්‍යාලයේය.

ඔක්තෝබර් මාසයේ 11වනදා සිදුවූ මෙම රිය අනතුරින් ඇයගේ ඥාති වෛද්‍යවරියක් සහ තවත් අයෙක් මියගියහ.

Related posts

පැපිලියානේදී කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ගම්මන්පිළට ඇමරිකාවට යාමට අධිකරණයේ අවසර

Mohamed Dilsad

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය හෙට යාපනේදී ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment