දේශීය

මෙරටට පැමිණි සංචාරකයින් ලක්ෂ 8 පනී

මේ වසරේ ගතවූ කාලය තුළ විදෙස් සංචාරකයින් 860,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

 

අගෝස්තු මාසයේ ගතවූ දින 20 තුළ පමණක් සංචාරකයින් 98,831දෙනෙකු පැමිණ ඇති බව වාර්තා වේ.

 

එම සංචාරකයින් අතර ඉන්දියාවෙන් පැමිණි සංචාරකයින් 19,804දෙනෙකු සහ බ්‍රිතාන්‍යයෙන් පැමිණි සංචාරකයින් 12,188 දෙනෙකු සිටින බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

 

ඒ අනුව මේ වන විට දිවයිනට විදෙස් සංචාරකයින් 866,744 දෙනෙකු පැමිණ තිබේ.

 

ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර චීනයෙන් ද සංචාරකයින් 35,000කට වැඩි පිරිසක් මේ වසරේ දිවයිනට පැමිණ ඇති බවෙ සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

 

 

Related posts

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ඇරඹෙයි

Mohamed Dilsad

75 වන නිදහස් උළෙල ගාලු මුවදොර දී

Mohamed Dilsad

විදේශ ප්‍රේෂණවල වර්ධනයක්

Mohamed Dilsad

Leave a Comment