දේශීය

සර්ව පාක්ෂික සමුළුව අද

ජනපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවූ සර්ව පාක්ෂික සමුළුව අද (26) පැවැත්වීමට නියමිතව තිබේ.

 

මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින් සහ ස්වාධීන කණ්ඩායම් නායකයින් වෙත ඇරයුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

 

එම සර්වපාක්ෂික සමුළුවේදී ජාතික සංහිඳියා වැඩසටහන සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බව සඳහන්ය.

 

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් මෙහිදි වැඩි අවධානයක් යොමුවනු ඇති බව දෙමළ පක්ෂ නියෝජිතයින් පවසයි.

 

කෙසේවෙතත් අද පැවැත්වෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගී වීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ විවිධ අදහස් පළ කරයි.

 

ජාතික ජනබලවේගයේ විජිත හේරත් මන්ත්‍රීවරයා පැවසුවේ සර්ව පාක්ෂික සමුළුව කැඳවීමට පෙර ආණ්ඩුව තුළ ඒ පිළිබඳව එකඟතාවකට පැමිණිය යුතු බවය.

 

වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා සඳහන් කළේ, තමන් සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වන බවය.

 

ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පැවසුවේ සර්ව පාක්ෂික සමුළුව සහභාගී වී තම පක්ෂයේ අදහස ප්‍රකාශ කිරීමට පියවර ගන්නා බවය.

 

ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරය සහ සර්ව පාක්ෂික සමුළුව සම්බන්ධයෙන් ලසන්ත අලගියවන්න රාජ්‍ය අමාත්‍යවරයා ද අදහස් පළ කළේය.

 

කෙසේ වෙතත් එම් වේලූ කුමාර් මන්ත්‍රීවරයා මහතා මහනුවර දී අදහස් දක්වමින් සඳහන් කළේ, ජනාධිපතිවරයා ඉන්දීය සංචාරයේදී අත්සන් කරන ලද ගිවිසුම් සම්බන්ධයේන් ජනතාවට වහාම හෙළි කළ යුතු බවය.

Related posts

දැදුරු ඔය සහ කුඹුක්කන් ඔය ආශ්‍රිත මහා ගංවතුර අවධානමක්…?

Editor O

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායකයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් ප්‍රේමරත්න පත් කරයි.

Editor O

ආපදා හේතුවෙන් මානසික පීඩනයට පත්ව සිටීනම් 1926 අමතන්න

Editor O

Leave a Comment