දේශීය

ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 10ක ජල කප්පාදුවක්

රන්පොකුණුගම සහ කිරිඳිවැල ජලසම්පාදන ක්‍රමයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 10කට ආසන්න කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසයි.

 

එම මණ්ඩලය සඳහන් කළේ අද පෙරවරු 8.30 සිට පස්වරු 6.00 දක්වා මෙම ජල කප්පාදුව සිදුවන බවය.

 

ඒ අනුව පූගොඩ, කිරිඳිවල, රන්පොකුණුගම නිවාස සංකීර්ණය, වතුපිටිවල, මාඉඹුල, මදුවේගෙදර, ඌරපොළ සහ අත්තනගල්ල යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

 

මේ අතර අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරෙයිපත්තු ජල සම්පාදන ක්‍රමයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත් හේතුවෙන් අද පෙරවරු 4.00 සිට පස්වරු 1.00 දක්වා පැය 09 කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ද ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය සඳහන් කළේය.

 

එම මණ්ඩලය පැවසුවේ අක්කරෙයිපත්තුව, ඉරක්කාමම්, අඩ්ඩලච්චේන, ඔලුවිල් සහ පාලමුන යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටු වන බවය.

Related posts

IMF උපදෙස් මත පාකිස්තානය බදු ඉහළ දමයි

Mohamed Dilsad

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් වන 51/5 යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

Mohamed Dilsad

පොලිස් වෙඩි පහරින් මිය ගිය පුද්ගලයාගේ දේහය ඥාතීන්ට

Mohamed Dilsad

Leave a Comment