දේශීය

මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රි ලංකාව සම්බන්ධයෙන් වන 51/5 යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මතයි

(UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ 51 වැනි මානව හිමිකම් සැසිවාරයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන යෝජනාව අද(06) සාකච්ඡාවට ගැනුණා.

එහි අවසානයේ යෝජනාව සම්බන්ධයෙන් සිදු කළ, ඡන්ද විමසීමේ දී, එක්සත් ජනපදය, එක්සත් රාජධානිය ප්‍රමුඛ රටවල් ඉදිරිපත් කළ යෝජනාවට පක්ෂව නියෝජිතයින් 20 දෙනෙකුගේ ඡන්දය ප්‍රකාශ කෙරුණා.

මෙහි දී අමෙරිකා එක්සත් ජනපදය සමග එක්ව, ජර්මනිය, ප්‍රංශය, නෙදර්ලන්තය, දකුණු කොරියාව, යුක්‍රේනය, ඇතුළු තවත් රටවල් ගණනාවක් එක්ව සිටියා.

අදාල ඡන්ද විමසීමේ දී, ඉන්දියාව, ජපානය, බ්‍රසීලය, කටාර් රාජ්‍යය, සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු රටවල් 20ක් සිය මතය පළ කිරීමෙන් වැලකී සිටියා.

මේ අතර, මෙතෙක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාවට සහායෝගය දැක් වූ ලිබියාව මෙවර සහාය පළ කරමින් ඡන්දය ලබා දුන්නේ නැහැ.

අදාල යෝජනාවට විපක්ෂව ඡන්දය භාවිත කළ රටවල් වූයේ, බොලීවියාව, චීනය, කියුබාව, එරිත්‍රියාව, පාකිස්ථානය, උස්බෙකිස්ථානය සහ වෙනිසුවේලාවයි.

ඒ අනුව අදාළ යෝජනාව වැඩි ඡන්ද 13කින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී සම්මත කෙරුණා.

Related posts

පාසල් නැවත විවෘත කිරීම පිළිබඳ ප්‍රකාශයක්

Mohamed Dilsad

ලෙබනනයේ නීතිවිරෝධීව රැඳී සිටින ලාංකිකයින්ට පොදු සමා කාලයක්

Mohamed Dilsad

එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දි ගැන සෙවීමට කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment