දේශීය

ලෙබනනයේ නීතිවිරෝධීව රැඳී සිටින ලාංකිකයින්ට පොදු සමා කාලයක්

(UTV | කොළඹ) – ලෙබනනයේ නීතිවිරෝධිව රැදී සිටින ශ්‍රී ලාංකිකයන්ට කොන්දේසි සහිත පොදු සමාකාලයක් ලබාදීමට එරට රජය විසින් එකඟ වී තිබේ.

එරට සේවය කරන නමුත්, නීත්‍යානුකූළ ලියකියවිලි නොමැති ශ්‍රී ලාංකිකයින්ට සිය කැමැත්ත මත මෙම පොදු සමා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණීමට අවස්ථාව හිමිවේ.

මේ සදහා ලෙබනනයේ නීතිවිරෝධිව රැදී සිටි කාලය නොසලකන අතර එහෙත් දඩමුදල් ලෙස පිරිමි ශ්‍රමිකයෙකුට ලෙබනන ලීරා (LBP) ලක්ෂ 4 හා කාන්තා ශ්‍රමිකයෙකුට ලක්ෂ 3  බැගින්  අය කෙරේ.

තවද සාපරාධී චෝදනාවලට ලක්විසිටින ශ්‍රමිකයන්හට අදාළ චෝදනා සදහා නිතිමය ක්‍රියාමාර්ග ගැනීමෙන් අනතුරුව මෙම සමාව ගත හැකිය.

ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරෝත්තු වන ශ්‍රමිකයින්ට තමන් ලෙබනන් හී ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලියාපදිංචි වීමෙන් අනතුරුව එරටින් පිටවීමේ බලපත්‍රය (Exit Permit) ලබාගැනිමට පහසුකම් සලසා ඇත.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම හේතුවෙන් මාර්තු 15 සිට අප්‍රේල්  12 දක්වා ලෙබනනය සම්පූර්ණයෙන්ම වසා ඇති බැවින් තමන්ගේ තොරතුරු ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ විද්‍යුත් ලිපිනයට (Email)  හෝ වට්ස්ඇප් අංකයට යොමු කිරීමට කටයුතු කළ යුතු බවයි.

Related posts

බලශක්ති ඇමතිට වැඩ වරදී….? අධිචෝදනා පත්‍ර සැකසේ…?

Editor O

“සාමකාමි සමුගැනීමක් දුන්නා නම් මේ මුකුත් නැහැ”

Mohamed Dilsad

විදුලි සේවකයෝ හෙට කොළඹට

Mohamed Dilsad

Leave a Comment