Trending Newsඑසැන පුවත්දේශීය

බලශක්ති ඇමතිට වැඩ වරදී….? අධිචෝදනා පත්‍ර සැකසේ…?

රජයේ අරමුදල් අවභාවිතය සම්බන්ධයෙන් දූෂණ චෝදනා මත බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ට එරෙහිව නඩු පැවරීම සඳහා වන අධි චෝදනා පත්‍ර සකස් කරමින් සිටින බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව උපුටමින් ‘සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක් වාර්තා කරයි.

අමාත්‍යවරයා සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකුට එරෙහිව රුපියල් මිලියන අටක (රු. 8,000,000) මුදලක් සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා යටතේ කොළඹ මහාධිකරණයේ නඩු පැවරීමට නියමිතය.

අදාළ කාලසීමාව තුළ එම ටෙන්ඩරය පිරිනමන ලද ටෙන්ඩර් මණ්ඩලයේ ප්‍රධානියා ලෙස ජයකොඩි මහතා කටයුතු කර ඇත.

අදාළ ගෙවීම් සිදු කර ඇති ආකාරය සහ තැන්පත් කර තිබූ ඇපකර බැඳුම්කරය සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත මෙම ටෙන්ඩරය පිළිබඳ විමර්ශන කරන ලදී.

Related posts

Grade 1 Admission to Government schools today

Mohamed Dilsad

විදුලි බිල ගෙවන ආකාරය සම්බන්ධයෙන් ඇමතිගෙන් ප්‍රකාශයක්

Mohamed Dilsad

Recent fiscal policy reforms improve Sri Lanka’s economic outlook – World Bank

Mohamed Dilsad

Leave a Comment