දේශීය

මුදල් අවභාවිතා කිරිමේ චෝදනා එල්ල වු හිටපු ඇමති රිෂාඩ් නඩුවෙන් නිදහස්

(UTV | කොළඹ) – මහජන මුදල් අවභාවිතකරමින් සහ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පුද්ගලයින් ප්‍රවාහනය කිරිමේ චෝදනාව එල්ල වි සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පවරා ඇති නඩුවෙන් ඔහුව නිදහස් කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව, අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ කැඳවු අවස්ථාවේදියි. නිතීපතිවරයා විසින් ලබා දුන් උපදෙස් අනුව ඔහු ඇතුළු පිරිස මෙම නඩුවෙන් මුදා හැර තිබෙනවා.

2015 ජනාධිපතිවරණය සමයේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මගින් සීලා වතුර ප්‍රදේශයේ අවතැන් වුවන් ඡන්දය ප්‍රකාශයට පත් කිරිම සඳහා රැගෙන ගොස් තිබුණා.

එමගින් රජයට රුපියල් ලක්ෂ 95 කට වැඩි මුදලක් අවභාවිතා වි ඇති බවටයි නඩු පවරා තිබුණේ.

Related posts

ඉන්ධන රැගත් තවත් නැවක් අද මෙරටට

Mohamed Dilsad

මරදාන ප්‍රදේශයත් සෞඛ්‍ය අංශ වල දැඩි අවධානයට

Mohamed Dilsad

රුසියානු ජනරාල්වරයෙක් පස්දින නිල සංචාරයක් සඳහා දිවයිනට

Mohamed Dilsad

Leave a Comment