දේශීය

මුදල් අවභාවිතා කිරිමේ චෝදනා එල්ල වු හිටපු ඇමති රිෂාඩ් නඩුවෙන් නිදහස්

(UTV | කොළඹ) – මහජන මුදල් අවභාවිතකරමින් සහ මැතිවරණ නීති උල්ලංඝණය කරමින් පුද්ගලයින් ප්‍රවාහනය කිරිමේ චෝදනාව එල්ල වි සිටි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ට එරෙහිව පවරා ඇති නඩුවෙන් ඔහුව නිදහස් කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව, අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවේ කැඳවු අවස්ථාවේදියි. නිතීපතිවරයා විසින් ලබා දුන් උපදෙස් අනුව ඔහු ඇතුළු පිරිස මෙම නඩුවෙන් මුදා හැර තිබෙනවා.

2015 ජනාධිපතිවරණය සමයේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මගින් සීලා වතුර ප්‍රදේශයේ අවතැන් වුවන් ඡන්දය ප්‍රකාශයට පත් කිරිම සඳහා රැගෙන ගොස් තිබුණා.

එමගින් රජයට රුපියල් ලක්ෂ 95 කට වැඩි මුදලක් අවභාවිතා වි ඇති බවටයි නඩු පවරා තිබුණේ.

Related posts

නුවරඑළිය – රදැල්ල කෙටි මාර්ගයේ බර වාහන තහනමක්

Mohamed Dilsad

ඊසානදිග මෝසම් තත්ත්වය ගැන දැනුම්දීමක්

Editor O

ලොකු ලූනු ආනයන බද්දේ වාසිය අපේ ගොවියාටයි

Mohamed Dilsad

Leave a Comment