දේශීය

දයාසිරිට එරෙහිව CEYPETCO නීති මගට

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර ඉන්ධන ආනයනය කිරීම පිළිබඳව ඊයේ (ඔක්. 5) පැවති මාධ්‍යහමුවකදී සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයේ දැක්වෙන්නේ, දයාසිරි ජයසේකර මහතා සිදු කළ ප්‍රකාශය සහ සියලු කරුණු අසත්‍ය, පදනම් විරහිත මෙන් ම සිතාමතා ජනතාව තුළ වෛරයක් ඇති කිරීමට කළ ප්‍රකාශයක් බව ය.

එලෙස ඔහු විසින් සිදු කරන ලද ප්‍රකාශ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තරයේ ප්‍රතික්ෂේක කරන බව එහි සඳහන් කර ඇත.

සංස්ථාව ඉන්ධන ආනයනයේදී සැම විට ම ටෙන්ඩර් ක්‍රමය සහ රජයේ අනුමත ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කරන අතර ප්‍රමිතිය තහවුරු කර අවම මිල ගණන් ඔස්සේ එම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනයේ වැඩිදුරට ත් සඳහන් කර ඇත්තේ, එලෙස සිදු කළ ප්‍රකාශ සම්බන්ධයෙන් ඉදිරියේදී දයාසිරි ජයසේකර මහතාට එරෙහිව නීතිමය කටයුතු සිදු කරන බව ත් පසුගිය දිනවල සිදු කළ මෙවැනි ම අසත්‍ය ප්‍රකාශවලට එරෙහිව ද නීතිමය පියවර ගන්නා බව ත් ය.

මෙරටට පෙට්‍රල්, ඩීසල් හෝ භූමිතෙල් ආනයනය කිරීමට ඉදිරිපත් නොවූ කොරල් එනර්ජි ඩී.එම්.සී.සී. නම් පෞද්ගලික සමාගම වර්තමාන අමාත්‍යවරයා පත් වීම ත් සමග මෙරටට තෙල් ගෙන ඒමට කටයුතු කළ බව ත් එම සමාගමට මුල්කාලීනව ලියාපදිංචියක් හෝ නොතිබූ බව ත් ශ්‍රී ල.නි.ප. මහ ලේකම් නීතිඥ දයාසිරි ජයසේකර මහතා ඊයේ (ඔක්.5) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර තිබිණි.

ප්‍රමිතියෙන් තොර ඉන්ධන ගෙන්වීමෙන් ටෙන්ඩර් ලබා දී තිබූ සමාගම්වල මෙරට නියෝජිතයන් හා ඔවුන් සමග ගනුදෙනු කරන දේශපාලඥයන් ඇමරිකානු ඩොලර් මිලියන සියයකට වඩා වැඩි මුදලක් උපයාගෙන ඇතැයි ඔහු චෝදනා කළේ ය.

Related posts

ලිප්ටන් වටරවුමේ රථවාහන තදබදයක්

Mohamed Dilsad

බුදුපිළිමයක් වසර 100කට පසු දිවයිනට

Mohamed Dilsad

බොහෝ ප්‍රදේශ වලට අදත් තද වැසි

Mohamed Dilsad

Leave a Comment