Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (28) පෙරවරුවේ පැය තුනක පමණ කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නේය. ඒ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරය දරද්දී රාජ්‍ය බැංකුවක ස්ථාවර තැන්පතු ගිණුමක් එම බැංකුවෙන් ඉවත් කිරීම හරහා රජයට අලාභ සිදු කළේ යැයි එල්ල වන චෝදනා සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමටයි.

එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව එම ස්ථානයෙන් පිටව ගිය රනිල් වික්‍රමසිංහ මහතා සිය පක්ෂ කාර්යාලයේදී මාධ්‍ය අමතමින් ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළේය.

අල්ලස් කොමිසම විසින් ලබාදෙන ලිපි ලේඛන විවිධ පාර්ශ්වයන් අතර දක්වන්නේ යැයි තමන් එහිදී එම කොමිසම දැන දුන් බවත් පැවසූ ඔහු ජනාධිපති අනුර දිසානායක මහතා මඩකලපුවේ රැස්වීමකදී අල්ලස් කොමිසමේ ලිපියක් සම්බන්ධයෙන් අදහස් පළ කර ඇති බව තමන් දැනුම් දුන් බවද කියා සිටියේය.

අයවැයක් පවතින්නේ ආණ්ඩුවේ වියදම් වලට බවත් ඒ හරහා වෙන් කරන මුදල් බැංකුවල තැන්පත් කිරීමට විසර්ජන පනතෙන් අනුමැතිය නැති බවද පැවසූ ඔහු ඒ අනුව ගතහොත් රාජ්‍ය මුදල් පිටකොටුවේ පොලී මුදලාලි කෙනෙකුට ලබා දී පොලී මුදල් ලබා නොගත්තේ යැයි භාණ්ඩාගාර ලේකම්ට නඩු පැවරිය හැකි බව පෙන්වා දුන් බවත් කියා සිටියේය.

රජයේ මුදල් තැන්පතු ගිණුමෙන් ඉවත් කිරීමේ වරදක් තමන් තමන් නොදකින බවද කී ඔහු වරද ඇත්තේ රජයේ මුදල් තැන්පතු මුදලේ දැමීම බවද තවදුරටත් එම කොමිසමට තමන් පැවසූ බවද හෙතෙම පැවසුවේය.

Related posts

சய்டம் தொடர்பான வர்த்தமானி அறிவித்தலை அரசு வெளியிட தாமதம்

Mohamed Dilsad

கடுவலை – பியகமவை இணைக்கும் பாலத்திற்கு பூட்டு

Mohamed Dilsad

SriLankan Airlines and Gulf Air ink codeshare agreement

Mohamed Dilsad

Leave a Comment