Trending Newsඑසැන පුවත්දේශීය

කොළඹ අධි සුඛෝපභෝගී නිවස ගැන තොරතුරු අසත්‍යයි – නියෝජ්‍ය ඇමති සුනිල් වටගල

තමන් කොළඹින් අධි සුඛෝපභෝගී නිවසක් මෑතකදී මිලට ගෙන ඇති බවට ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වන තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බව මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය, සුනිල් වටගල මහතා පවසයි.

“මගේ වත්කම් – බැරකම් ප්‍රකාශයේ සඳහන් දෙයින් එපිට කිසිදු දේපළක් මට නැහැ. පසුගිය දිනවල මා විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ ඊට සම්බන්ධ පාර්ශ්වවලට එල්ල කළ චෝදනා පිළිබඳව ඔවුන් බියටත් කලබලයටත් පත්වෙලා මගේ කීර්ති නාමය සහ ප්‍රතිරූපය විනාශ කිරීම සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ වුවමනාව පරිදි සංවිධානාත්මක මඩ ප්‍රචාර ව්‍යාපාරයක් පටන් අරන් තියෙනවා”

ඒ අනුව, මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කිරීමට සහ තමන්ට සිදුවූ අපහාසය සම්බන්ධයෙන් නඩුවක් ද පැවරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

අද දිනය තුළ ආසාදිතයින් 437ක්

Mohamed Dilsad

5000 ව්‍යාජ මුදල් නෝට්ටු සමඟ අයෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

சிவப்பு அறிவித்திலை விடுத்துள்ள அனர்த்த முகாமைத்துவ மத்திய நிலையம்

Mohamed Dilsad

Leave a Comment