Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී වැටුපත් අහෝසි කරමු – පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහිමි කළා සේ හැකිනම් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප අහෝසි කරන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහිමි කිරීම ඇතුළු රටේ වත්මං තත්ත්වය පිළිබඳව මාධ්‍යයට කරුණු දක්වමින් මේ බව සඳහන් කළ අජිත් පී පෙරේරා මහතා තවදුරට කියා සිටියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් වැටුප් ලෙස මාසිකව ලබන රුපියල් කෝටි පහකට අධික මුදලක් පක්ෂයේ ගිණුමට බැර කරන බවයි.

මහජනතාවගේ බදු මුදලින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට වැටුප් වශයෙන් ගෙවන රුපියල් කෝටි පහකට අධික මුදල එලෙස පක්ෂයේ ගිණුමට බැර කිරීම නීති විරෝධී ක්‍රියාවක් බව පෙන්වා දුන්නේය.

මන්ත්‍රීවරුන්ගේ වැටුප අහෝසි කලොත් මාසිකව පක්ෂ ගිණුමට බැර වෙන රුපියල් කෝටි පහකට අධික මුදලක් ඔවුන්ට අහිමි වනු ඇති බවත් එවැනි තත්ත්වයක් මත මන්ත්‍රීවරුන්ගේ වැටුප අහෝසි කිරීමට ආණ්ඩුව කටයුතු නොකරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය

Related posts

ලංකා IOC ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල ඉහළට

Mohamed Dilsad

Jessye Norman, Grammy-winning star of opera, dies at 74

Mohamed Dilsad

ඉන්දියාව සිව්වෙනි ආර්ථික බලවතා වෙයි | ජපානය පස්වෙනියා දක්වා පහළට

Editor O

Leave a Comment